අප ගැන
Provincial Director
පළාත් අධ්‍යක්ෂ
ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීම තුළින් සහභාගීත්වය සහ ස්වයං විශ්වාසය වැඩි දියුණු කිරීම මගින් ඉහළ සංවර්ධිත ගම්මානයක් ගොඩනැගීම.
1948 සිට මධ්‍යම රජයේ විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව 1987 දී සම්මත වූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා විෂයක් බවට පත් විය. 1988 මධ්‍යම පළාත් සභාව පිහිටුවීමත් සමඟ එතැන් සිට පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විවිධ පළාත් අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන අතර ග්‍රාම සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර අද දක්වා පළාතේ ග්‍රාමීය ප්‍රජාවට ගුණාත්මක සේවාවක් ලබාදෙමින් මේ වන විට මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව පළාත් කර්මාන්ත අමාත්‍යාංශයට අනුයුක්තව තම ශක්තියෙන් ගොඩනැගුණු තිරසාර ගම්මාන නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටී.
ඒ සඳහා ග්‍රාමීය ප්‍රජාවට ඔවුන්ගේම ශක්තීන් සහ සහභාගිත්වය වර්ධනය කර ගැනීමට හැකි වන පරිදි දෙපාර්තමේන්තුව මගින් නියාමනය කරනු ලබන ග්‍රාම සංවර්ධන සමිති ශක්තිමත් කිරීමටත් ඒ හරහා උසස් තත්ත්වයේ යටිතල පහසුකම් සංවර්ධනය, ජීවනෝපාය සංවර්ධන සහ සමාජ සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් අපි කටයුතු කරනවා. තවද, ග්‍රාමීය කාන්තා ව්‍යවසායිකාවන් බිහිකිරීමේ අරමුණින් ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් සමෘද්ධිමත් ගම්මානයක් බිහිකිරීමේ දෙපාර්තමේන්තුවේ දැක්ම ශක්තිමත් කිරීමට දෙපාර්තමේන්තුව යටතේ ඇති කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන මඟින් කටයුතු කර ඇත.
මධ්‍යම පළාතේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 2224ක් ඇත. ලියාපදිංචි ග්‍රාම සංවර්ධන සමිති 2595ක් සහ ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන සමිති මණ්ඩල 38ක් (බලමණ්ඩල) දෙපාර්තමේන්තු ඉලක්ක සපුරා ගැනීම සඳහා ක්‍රියා කරයි.