ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවට විශිෂ්ට ඇගයීමක්!
🏆 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ (2025/2026) රාජ්‍ය අංශයේ රජයේ දෙපාර්තමේන්තු කාණ්ඩය යටතේ, අයදුම්පත් 6000ක් අතුරින් "ඵලදායිතා ✨️විශේෂ ඇගයීම් ✨️සම්මානයෙන්" මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව අභිමානවත් ලෙස පිදුම් ලැබූ වගයි! 🏆
"ස්වශක්තියෙන් සපිරි තිරසාර ගමක්" උදෙසා වන අපගේ දැක්ම යථාර්ථයක් කරමින්, රජයෙන් වෙන් කෙරෙන සෑම සතයකටම උපරිම අගයක් එකතු කරමින් ජනතා සහභාගිත්වය පෙරදැරිව ගම වෙනුවෙන් ඵලදායී හා අර්ථවත් මෙහෙවරක් ඉටු කිරීමට මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කැපවී සිටී. ඒ අභිප්‍රාය වඩාත් සාර්ථක කර ගැනීමට "ඵලදායිතාව" අපට සැබෑ පිටිවහලක් විය.
මේ සඳහා අපව නිරන්තරයෙන් දිරි ගන්වන, මග පෙන්වන හා පහසුකම් සපයන ගරු ආණ්ඩුකාරතුමන්ට, පළාත් ප්‍රධාන ලේකම්තුමන්ට, හා අමාත්‍යාංශ ලේකම්තුමියට අපගේ කෘතඥපූර්වක ස්තූතිය පිරිනමන අතර ඉදිරියටත් ඔබ සැමගේ ශක්තිය අප වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරමු.
✨️🏆✨️